Tuesday, September 13, 2011

ශවේන්ද්‍ර සහ රාජපක්ෂ රෙජිමය

ඔබ සැබෑ ශ්‍රී ලාන්කිකයෙකු නම් නියත වශයෙන්ම මෙලොව එලිය දුටුකල සිට පාරම් පරිකව උරුමවන දේශපාලන පක්ෂයක් ඇත්තෙකුය. නොමැති නම් කාලයගේ ඇවෑමෙන් පක්ෂය මාරු කල තැනැත්තෙකු විය යුතුය. ඒසේත් නොමති නම් පක්ෂ පාට කිසිවක් නැති පෙරෙලෙන පිට හොදෑ යැයි සිතන්නෙකු විය යුතුය.ඉහත කී තුන් වර්ගයටම අයත් නොවන පිරිස  සැබෑ ශ්‍රී ලාන්කිකයන් නොවනු ඇත. මෙය කියවීමට පෙර ඔබ සැබෑ ශ්‍රී ලාන්කිකයෙකුද යන වග ඔබට අවබෝද විය යුතුය. මන්ද යත් මෙම ලිපිය වැදගත් වන්නේ  සැබෑ ශ්‍රී ලාන්කිකයන්ට පමනක් වන නිසාය. ඔබ වෙනත් අයෙකු නම් ඔබට තරහා යාමට ඉඩ ඇත.

මී ළගට ඔබ වර්ෂ 2009 මැයි 19 වෙනිදාට පෙර කාලවකවානුවට ගමන්කල යුතුව ඇත. නො එසේ නම් මෙම ලිපියේ මුල්ම ආතල් එක ඔබට නොදැනෙනු ඇත. එදා දකුනේ ජනතාව අමු අම්වේ ඝාතනය කරද්දී, තැන තැන බෝම්බ පුපුරද්දී, සින්හල මුස්ලිම් දෙමළ ජනතාව අන්ත අසරනවූහ. නමුත් දකුනේ ජනතවට පසුගිය කාල වකවානුවේදී අන් කිසිම පිහිටක් නොවීය. පසුගිය දශක තුන තුල මේ රටේ ජනාඩිපතිවරු, ආරක්ෂක ලේකම්වරු, හමුදාපතිවරු රටේ නොසිටියාද? හිතට එකගව ඔබේ පිළිතුර "සිටියා" යන්නයි. තත්වය එසේ නම් දශක තුනක් පුරාවට අපේ ලොක්කෝ කොටි සමග කර යුද්ඪයෙන් ජය ගන්නට බැරිවුන හේතුවක් තිබෙන්නට ඇත. මෙමෙ ලිපියේ අවසානය අවබෝදකරගන්නට නම් මේ ටික අනිවාර්යෙන්ම අවබෝද කරගතයුතුව ඇත.

සින්හලෙන්ම ලියනවා නම් පසුගිය කාලයේ යුධ පරාජයන්ට හේතුව අපේ රටේ මෙතෙක් සිටි නායකයන් කොටි සමග යහන්ගතවීමය. පැහදිලි කලොත් ජාත්තන්ත්‍ර කොටි ඩයස්පෝරාව විසින්න් රටේ නායකයින්ව ඩොලර් වලට මිලදී ගැනීමයි. තවත් පැහැදිලි කලොත්, හමුදාවන් විසින් විටින් විට දියත් කරන ලද මෙහෙයුම් වලින් ලද ජයග්‍රහන මුදලට පාවා දුන්හ. හමුදාවේ වීර සොල්දාදුවන් බුරුතු පිටින් පාවා දී මරු තුරුලට යැවුහ. සාම සාකච්ජා වලට හමුදාවන් යටත් කර කොටින්ට කිරි පෙවූහ. එදා මෙදා තුර කොටින් සමග හැප්පෙන්නට ගිය සෑම නායෙකුටම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිද්වූයේ කොටින් තුලවූ දරුනු මේලේච්ත්වයි. හාස්යට කරුනු වූයේ කොටින්ට කිරි පෙවූ නායකයින්ටත් කොටි පරලොවට පාර කැපීමය. එය කොටින්ගේ සාම්ප්‍රධායික ක්‍රමයක් බව අපේ බොහෝ නායකයිනට අමතක වූයේ ඩොලර් වලට ඇති ගිජුක්ම නිසාවෙනි. එදා දෙපැත කන්න ගිය නායක්යින් හා තමුන්වෙනුවෙන්ම කඩේ ගිය නායයින් කියා කොටස් දෙකකට බෙදා දෙපැත්ත කෑ නායකින්ට පමනක් ශොට් එක දෙන්නට කොටි ක්‍රියා කළේ කවදා හෝ තමුන්ව බේරගන්නට එන කන්ඩායම හොදින් හදුනාගෙනය. සමහර නායකයින් කොටින් විසින් ඝාතනය කරද්දී දකුණේ ජනතාව කිරිබත් කා "ඕකට හොදම වැඩේ" කියා කියූ අවස්ථාද නැත්තා නොවේ.

පොදුවේ ගත් කල පසුගිය දශක තුනකට ආසන්න කාලයක් මුලු මහත් ශ්‍රී ලන්කාවම බිය වද්දමින් කොටි (LTTE) තම බලය කෙසේ හෝ පතුරන්නට සමත් වී සිටියහ. ප්‍රභාකරන් වන්නියේ සිටියත් ඒ මහා ඝාතකයාට භයේ රටේම ජනතව භියට පත්වී, ආර්ථිකය බිද වැටී මේ රට මහා ආගාදයකට ඇදදමා තිබින. එහෙත් අවාසනවකට එවක සිටි නායකයන්ට LTTE ය පරාජය කිරීමට පුන්චි හෝ හිඩැසක් ඉතිරිවූයේ නැත.මන්ද යත් සෑම සිදුරකම LTTEය රින්ගා සිටීමය.

අවසාන්යේදී කෙසේ හෝ ජාතියේ වාසනවට බිහිවූ අපේ කාලයේ මහ රජානන් රජකමට පත්වූ දිනයේ පටන් කොටින්ගේ පිල්ලි එක එක ආවේසයෙන් රජ මැදුරට ආවත්, එකම පිල්ලියකටවත් රජානන් මෙල්ල කළ නොහැකි විය. අවසානයේදී ඉතිහාසයේ එවූ හොදම පිල්ලිය වූ සාම පිල්ලිය අන්තර්ජාතික හෙන්චයියන් ලවා සූදානම් කරද්දී කොටි මාවිල් ආරුවෙන් පොට වරද්දා ගත්හ. ගොඩින් බේරාගනීමට දහස් වාරයක් ආරාධනා කරද්දී මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමාට කොකා පෙන්නනට ගොස් කොටින්ට කනකොකා හැඩූයේ මහින්ද දකුණේ පොරක් බව ප්‍රභාකරන් නොදන්නා නිසාවෙනි.

අති ගරු මහින්ද රාජපක්ෂ ජනධිපති සේනධි නයකයා වශයෙන් තම හමුදා සේනාන්ක සූදානම් කර කොටිගේ මරු කටේ සිටි අහින්සක ජනතව මුදා ගත්තේ මුලු ලොවම මවිතයට පත්කරමිනි.එදා මුලු ලන්කාවම ප්‍රීති ගෝශා නැගූහ. මෙය ලොව නන්දෙසින් පැසසුමට ලක්කරදී කොටින්ගෙන් පෝෂනය වූ බටහිර ඩයස්පෝරාව මෙරට සිටින කාලකන්නි කොටි හෙවනලි සමග අත් වැල් බැදගන්නේ කොටි පරාජයත් සමගය.

ශවේන්ද්‍රගේ කථාව ඇරබෙන්නේ මෙතැන්සිටය... එ කියන්නේ කොටින්ගේ පරාජයන් පසුවය. මානුශීය මෙහෙයුමෙන් පසුව ජනධිපතිවරනය පැවත්වීමට කල් උදාවිය. තත්වය මෙසේ තිබියදී කොටි ඩයස්පෝරව තම බල්ලොත් නොකන සල්ලි වියදම් කර තම පරාජිත අරමුන නැවත ඉටුකරගන්නට සියලු පිඹුරුපත් සකස්කර අවසන් අවසන් කර තිබින. එතෙක් කොටි ජයක්ග්‍රහනය එකසේ බුක්තිවිදි රටේ ජනතාව දෙකඩ කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබින. මෙන්න බොලේඉ බළලාඅ මල්ලෙන් එලියට පන්නේය. අනේ අපොයි කොටි ලන්කවේ සුපුරුදු හෙන්ච්යියලා යොදාගෙන මුලු ලන්කාවම පාවාදෙන්නට සූදානමින් තම අපේක්ෂක්යා මිලට ගෙන තිබින. මෙකී අපේක්ෂකයගේ දිව උලුක් වූයේ කොටින්ගේ බල්ලොත් නොකන සල්ලි වලටය. අනේ අපොයි සල්ලිවලට ගිජු වූ මේ වනචර හැත්ත රට පාවා දෙන්නට දෙපරක් හිතුවේ නැත. මොවුන් අපේ රටත් ජාතියත් දෙකම තරගයට පාවා දුන්හ. දශක තුනක් බැට කෑ අහින්සක ජනතාව බේරගත් ඒ වීරෝධාර හමුදවන් කොටින්ගේ සල්ලිවලට පාවා දුන්හ. ජාතියේ වාසනාවකට මෙරට නොබෙදුනු මිනිසුන් නැවතත් මහින්ද රජපක්ෂව මෙරට ජනධිපති කරවූහ. කොටි දෙමල ඩයස්පෝරවට තම උතුර දකුණ මාරු විය. කොටින්ගෙන් මෙතෙක් කල් යැපුනු විදේශීය බළවේගයන්ට හැදි වතේ මළ මූත්‍රා පිටවිය. කොටින්ට කඩේ ගිය අයට තිබිරි ගෙයි දොර ඇරින. එහෙත් ඩයස්පෝරව තමුන්ගේ දඩයම දිගටම කරගෙන ආහ. තමුනට දඩයම් කිරීමට නොහැකි වූවන් හට විදේශීය බලවේග සමග එකතු වී මාධය හරහා අසත්තය තොරතුරු සකස්කොට විකාශනය කිරීමට කටයුතු කලහ. ලෝකයේ සදාචාරයක් නැති මාධය හිගන්නන් ඩයස්පෝරාවේ ඩොලර් වලට ගිජුව මෙම වැඩහ්සටන් විකශය කලහ. මෙසේ සියල්ල සිදුවෙද්දී මහින්ද රජපක්ෂ ජනාධිපති තුමා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට එක්සත් ජාතීන්ගේ නියෝජය නිත්ය නියොජිත තනතුර ලබාදුන්නේ දොස්තරගේ වැඩේට කොන්දොස්තර යවන සිරිතක් ඔහු ළග නොතිබූ නිසාය.

ශවේන්ද්‍ර සිය වගකීම් අකුරක් නෑර සිය මව්බිම වෙනුවෙන් ඉටුකරදී, දෙමළ ඩයස්පෝරව සමග සිටියවුන්ගේ හැදිවත ගැලවී නිරුවත පෙනෙද්දී කොටිනට කඩේයන මාධය හිගන්නන් ශවේන්ද්‍ර හට පහර පිට පහර එල්ල කර කොටි නියෝජිතයන්ගේ නිරුවත වසා දැමීමේ අසාර්තක උත්සහායක නිරතව සිටී. ශවේන්ද්‍රගේ පිළිතුරු හමුවේ මේවනවිට කොටි මාධය හිගන්නනුත් තමුන්ගේ ජන්ගි ගලවාගෙන නිරුවතින් දුවන්නේ ඩොලර් වල අගය රුපියල් වලට වඩා වැඩි නිසාය.

ශවේන්ද්‍ර අද එක්සත් ජාතීන්ගේ උසස් නිලයක් දරන්ණේ ඔහු එයට සුදුසු නිසාය. කොටි  හිතවාදී මාධය නපුන්සකයින් හට ශවේන්ද්‍රට කළ හැකි ලබ්බක් නැත. කොටි නපුන්සකයින්ගේ දෙකයිපනහේ වැඩ වලින් ලන්කාව දෙකඩ කල නොහැක. කොතරම් හැන්ගි හැන්ගී වෙස් බැන්දත් උඹලා නටනවානම් වේදිකාව ඇත්තේ එලිපිටිය.

කරුණාවෙන් තොපිට එකක් මතක් කිරීමට කැමැත්තෙමු.  තම මව් බිම පාවාදුන් කිසිම කාළකන්නියෙකුට ඉතිහාස්යේ කිසි තැනක සමාවක් ලැබී නොමැත. කොටි හෙවනැලිවලට මුවා වී මව්බිම පාවාදෙන තොපට ළගදීම හෙන හත ගහනු අත.

මව්බිමේ අපි...! 

No comments:

Post a Comment